පාසල් අධ්‍යාපනයෙන් පසු කොළඹ කාර්මික විද්‍යාලයට ඇතුළු වී චිත්‍ර කලාව ප්‍රගුණ කළේය. එපමණක් ද නොව මොහු ගුවන් විදුලියේ නිබන්ධන සම්පාදකයෙකු වරයෙකු ලෙස ද සේවය කළේය. තවද නිට්ටඹුව ගුරු විදුහලට ඇතුළු වී ගුරු පුහුණුව ලබා පුහුණු ගුරුවරයෙකු ලෙස ඉන් පිටවිය.
මෙසේ කල් ගතවෙද්දී නිර්මාණ කරණයට පිවිසි මෙතුමාගේ කළුඳුල් නිර්මාණය ලෙස “ස්වර්ණ තිලකා” නාට්‍යය ප්‍රෙක්ෂකයා වෙත ඉදිරිපත් කෙරිනි. නිර්මාණ කරණයේ දිගටම නියැළී සිටි මොහුගේ, චෝර බප්පත නම් නාට්‍යයට 1960 දී රජ්‍ය සම්මාන හිමිවිය.
මෙහු ග්රන්ථ කරනයේ ද නියැළි සිටි ෙකනෙකි. ඒ අනුව ඔහු ව්‍යංගා-සද්දන්ත හස තවත් නාටක, සක්වා ලිහිණි, හෙට ඉරක් පායයි, බෝඩිම, ලයනල් රාජතිලක හා ප්‍රියන්ත, ප්රබුද්ධ සහ නොමියෙමි යන ග්රන්ථ ඔහු අතින් ලියැවිනි. මෙම බෝඩිම නැමති කාව්‍ය සංග්‍රහයට 1970 දී සාහිත්‍ය සම්මානය ද හිමිකර ගැනීමට හැකියාව ලැබිනි. තුම්මං හන්දිය සහ මනෝ මන්දිර යන කෘති ඔහු විසින් සාහිත්‍යයට දායාද කල නවකථාවන් වේ. චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙකු ලෙස පළමු වරට ඔහු අතින් නිර්මාණය වූයේ තුම්මං හංදිය චිත්‍රපටයයි.
මිණිවන් පී. තිලකරත්න
“වෙලාවට එන - වෙලාවට යන - වෙලාවටවැඩ” මේ ඔහුගේ ශිෂ්‍යයන් ඔහු ගැන කියු හැටියි. මෙවන් ගත්කරුවෙකු වෙතින් සිංහල මෙන්ම වෙනත් භාෂා සාහිත්‍යයට ද මහත් මෙහෙයක් ඉටුවිය. මෙහු රුසියානු සාහිත්‍යය මුල සිට අග දක්වා හොඳින් අධ්‍යයනය කළේය. ශාස්ත්‍රපති උපාධිය දිනා ගැනීම සඳහා මොහු රුසියානු සාහිත්‍යය, වර්තමාන සිංහල නව කථාව සහ කෙටි කථාව යන මැයෙන් නිබන්ධනයක් ලිවීය. මයට 1969 දී රාජ්‍ය සම්මානය ද හිමිවිය. මීට අමතරව 1968 දී ඔහුලේ මුල්ම සාහිත්‍ය නිර්මාණය එළිදැක්විණි. එය “ඡායා මාත්‍ර” කාව්‍ය සංග්‍රහයයි.