Sunday, November 8, 2009

හෙළ සාහිත්‍යධරයෝ

මහගමසේකර ශූරීන්

1929 අප්‍රේල් 07 වන දා ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන මහවත්තේ උපත ලැබූ මහගමසේකර කුමරුවන්ගේ මුල් නම එම්.ජී.සමරසේකරය. මොහු කවියෙකු, ගීත රචකයෙකු, නවකථාකරුවෙකු, චිත්‍ර ශිල්පයෙකු මෙන්ම කංචුක නිර්මාණ ශිල්පියෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්විය. මෙහුගේ පාසල් සමය පිළිබඳ තොරතුරු ගවේෂණය කරන විට, අධ්‍යාපනය හදාරන ලද පාසල් කීපයක් පිළිබඳ තොරතුරු හමුවේ. ඒ අනුව ඔහු රදාවාන පිරිමි විදුහල, කිරිඳිවැල සිංහල පිරිමි පාසල, කිරිඳිවැල ශ්‍රී සීලවංශ විද්‍යාලය සහ ගම්පහ ලෝරන්ස් විද්‍යාලය යන විදුහල් සඳහන් කල හැක.

පාසල් අධ්‍යාපනයෙන් පසු කොළඹ කාර්මික විද්‍යාලයට ඇතුළු වී චිත්‍ර කලාව ප්‍රගුණ කළේය. එපමණක් ද නොව මොහු ගුවන් විදුලියේ නිබන්ධන සම්පාදකයෙකු වරයෙකු ලෙස ද සේවය කළේය. තවද නිට්ටඹුව ගුරු විදුහ‍ලට ඇතුළු වී ගුරු පුහුණුව ලබා පුහුණු ගුරුවරයෙකු ලෙස ඉන් පිටවිය.

මෙසේ කල් ගතවෙද්දී නිර්මාණ කරණයට පිවිසි මෙතුමාගේ කළුඳුල් නිර්මාණය ලෙස “ස්වර්ණ තිලකා” නාට්‍යය ප්‍රෙක්ෂකයා වෙත ඉදිරිපත් කෙරිනි. නිර්මාණ කරණයේ දිගටම නියැළී සිටි මොහුගේ, චෝර බප්පත නම් නාට්‍යයට 1960 දී රජ්‍ය සම්මාන හිමිවිය.

මෙහු ග්‍රන්ථ කරනයේ ද නියැළි සිටි ‍ෙකනෙකි. ඒ අනුව ඔහු ව්‍යංගා-සද්දන්ත හස තවත් නාටක, සක්වා ලිහිණි, හෙට ඉරක් පායයි, බෝඩිම, ලයනල් රාජතිලක හා ප්‍රියන්ත, ප්‍රබුද්ධ සහ නොමියෙමි යන ග්‍රන්ථ ඔහු අතින් ලියැවිනි. මෙම බෝඩිම නැමති කාව්‍ය සංග්‍රහයට 1970 දී සාහිත්‍ය සම්මානය ද හිමිකර ගැනීමට හැකියාව ලැබිනි. තුම්මං හන්දිය සහ මනෝ මන්දිර යන කෘති ඔහු විසින් සාහිත්‍යයට දායාද කල නවකථාවන් වේ. චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙකු ලෙස පළමු වරට ඔහු අතින් නිර්මාණය වූයේ තුම්මං හංදිය චිත්‍රපටයයි.


මිණිවන් පී. තිලකරත්න


වෙලාවට එන - වෙලාවට යන - වෙලාවටවැඩ මේ ඔහුගේ ශිෂ්‍යයන් ඔහු ගැන කියු හැටියි. මෙවන් ගත්කරුවෙකු වෙතින් සිංහල මෙන්ම වෙනත් භාෂා සාහිත්‍යයට ද මහත් මෙහෙයක් ඉටුවිය. මෙහු රුසියානු සාහිත්‍යය මුල සිට අග දක්වා හොඳින් අධ්‍යයනය කළේය. ශාස්ත්‍රපති උපාධිය දිනා ගැනීම සඳහා මොහු රුසියානු සාහිත්‍යය, වර්තමාන සිංහල නව කථාව සහ කෙටි කථාව යන මැයෙන් නිබන්ධනයක් ලිවීය. මයට 1969 දී රාජ්‍ය සම්මානය ද හිමිවිය. මීට අමතරව 1968 දී ඔහුලේ මුල්ම සාහිත්‍ය නිර්මාණය එළිදැක්විණි. එය “ඡායා මාත්‍ර” කාව්‍ය සංග්‍රහයයි.


1977 දී ග්‍රහණය නම් ඔහුගේ මුල්ම නවකථාව බිහිවිය. තමා ලත් අත්දැකීම් පාදක කොටගත් “ උසාවි සාවිය” 1988 දී දොරට වැඩිණි. එය නවකථාවකි. “අද හුඟක් දිග දවසක්” යන නමින් ඔහුගේ මුල්ම කෙටිකථා සංග්‍රහය 1970 දි කල එළි දුටුවේය.


මිණිවන් පී. තිලකරත්නයන් විසින් රචිත The Luster of Life නම් ඉංග්‍රීසි කාව්‍යය චිකාගෝහි (අමෙරිකා එක්සත් ජනපදය) ග්‍රේෂන් විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය නිර්මාණ වැඩමුළු සඳහා අත් පොතක් වශයෙන් භාවිතාවේ.


මෙම දක්ෂ කලා කරුවා තවත් කෘතීන් රශියක් ලියමින් සිංහල සාහිතයයට මහඟු මෙහෙයක් කර ඇත. මොහුගේ නම ද අමරණීයව ඇත්තේ ඒ නිසාය.

ප්‍රෙහෙලිකාවේ විසඳුම සොයන්න.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

හරහට

01. යශෝදරාව මේ නමින්ද හඳුන්වන ලදී.

04. බුදු දහමේ සඳහන් වන මාර්ගඵල වලින් එකකි.

06. දස සංයෝජන වලින් එකකි.

07. අපායේ රජු ‍‍මොහුය.

11. මාර දූවරුන්ගෙන් කෙනෙකි.

13. යශෝදරා දේවියට බුදු හිමියන් රජ මාළිග‍ාවේදී වදාළේ මේ ජාතක කථාවයි.

14. ජීවිතය අනියතය. මෙය නියතය.

16. ප්‍රථම රහත් සැට නමට අයත් වූ කෙනෙකි.

18. පංචේන්ද්‍රියන්ගෙන් එකකි.

19 බුද්ධ පරිනිර්වානයෙන් වසර දෙසිය ගණනකට පසු ලුම්බිණිය වැඳපුදා ගැනීමට ගොස් එහි ශිලා ස්තම්භයක් සහ ශිලා ලේඛණයක් පිහිටු වූ භාරතයේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි.

21. කොසොල් රජතුමා පාලනය කල රාජ්‍යය මෙයයි.

22. තිදොරින් එකකි.

23. බුදුරදුන්ට උපස්ථානකල භික්ෂුවකි.

පහළට

01. මගධයේ රජකල රජ කෙනෙකි.

02. ඇෆ්ගනිස්ථානයේ තිබූ මීට වසර කීපයකට පෙර මුස්ලිම් අන්තවාදීන් විසින් විනාශ කල බුදු පිළිම වහන්සේ මේ නමින් හඳුන්වයි.

03. තුන් පිටකයෙන් එකකි.

04. බුදුරදුනගේ දකුණු දළදාව ශ්‍රී ලංකාවේ මේ දා ගැබේ නිදන්කොට ඇතැයි විශ්වාස කෙරේ.

05. තණ්හාවට කියන තවත් නමකි.

08. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පර්වතයකි.

09. ත්‍රි සිංහලය එක් සේසත් කළ අති ශ්‍රේෂ්ඨ බෞද්ධ රජෙකි.

10. බුදුරදුන්ට අවසන් දානය පිරිනැමුවේ මොහුය.

12. බෞද්ධයාගේ උතුම්ම සරණ මෙයයි.

14. බෞද්ධ විහාරස්ථානවල ඇතුළ්වන ස්ථානයේ තොරන්වල දැක්වෙන මනකල්පිත සත්වයකි.

15. බෝසතාණන් වහන්සේ බුදුවී පළමු සතියේ බෝ මැඩ වැඩ සිටිද්දී තම ගුරු තනතුරෙහි තබාගත්තේ මෙයයි.

16. නරසීහ ගාථා කිවේ මෙතුමියයි.

17. පව්කල විට ඒවායේ විපාක ලැබෙන්නේ ගොනා පසු පස එන, කරත්තයේ මෙය වැනි යයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

20. සාවෙකු පිළිබඳව කියැවෙන ප්‍රකට ජාතක කථාවකි.