Wednesday, October 28, 2009

තරග ප්‍රතිඵල

දැනුම මිනුම (ප්‍රථමික)

1. කේ.එච්.දිනුෂ මාලක
2. එල්.බී.ජේ.ඩුලාෂි අනූපමා
3. පී.එච්.ජයනි දිල්මි
4. ජී.එච්.සඳරු සසිංක
5. ටී.එච්.මනීෂා දිල්හානි

දැනුම මිනුම (කණිෂ්ඨ)

1. කේ.එච්.ජනිත් නිමන්ත
2.
3.
4.
5.


දැනුම මිනුම (ජේෂ්ඨ)

1. එම්.එම්.සඳරු පියුමාල්
2. රසින්තා සෙව්වන්දි
3. එම්.එච්.ඉෂාරා ලක්මිණී


ගායනා තරගය

1. කේ.ඩබ්.උමේෂ් තාරක
2. ජී.ජී.තරුෂි දිලන්ති
3. ජී.වී.කළණි තාරකා

කථීක තරගය

1. ජී.වී.කළණි තාරකා
2. ජී.ජී.නිෂාධි මධුවන්ති
3. එල්.බී.ජේ.ඩුලාෂි අනූපමා


නිර්මාණ තරගය

1. ජී.පී.එච්.ලහිරු මධුෂාන්
2.
3.

චිත්‍ර තරගය (ප්‍රාථමික-1)

1. පී.එච්.රුවින්දි ඔමේෂිකා
2. කවිෂ්ක සුගන්ධික ද සිල්වා
3. එච්.ටී.තරුෂි දාදරා විජේසූරිය

චිත්‍ර තරගය ( ප්‍රාථමික-2)

1. එස්.කේ.තිළිණී මල්ෂිකා
2. පී.එච්.ජයනි දිල්මි
3. කේ.එච්.දිනුෂ මාලක

චිත්‍ර තරගය (කණිෂ්ඨ)

1. එම්.එච්.කවීෂා මිහිරංගි
2. ජී.ෂමල්කා සඳමිණි
3. දුනාරා දිල්මි පියදිගම

චිත්‍ර තරගය (ජේෂ්ඨ)

1. ඒ.එච්.මල්කි භාෂිනී



Sunday, October 25, 2009

පිපෙන කැකුළු පුවත්

දැනුම මිනුම තරගාවලිය

ඔක්තෝම්බර් පළමුවෙනිදට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ ළමා සමාජයත් උත්සවයක් සංවිධාන කලා.ඒක තිබුණේ 2009 ඔක්තෝම්බර් 22 වෙනිදා. අපේ දිනය වෙනුවෙන් දැනුම මිනුම තරගාවලියක් සංවිධානය කලා. ඒකෙන් දිනපු අපිට අතත් හිතත් පිරෙන්න තෑගිබෝගත් ලැබුණා. පදක්කම් ලැබුණා. ප්‍රධාන ආරාධිත අමුත්තා වුනේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා. වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අයත්,සමෘද්ධි මහා සංගමයේ අයත්,පොල්අතුමෝදර සමෘද්ධි කළාප කාර්යාලයේ අයත් ආවා. අපි නැටුම් ඉදිරිපත්කලා. සින්දු කිව්වා. කථා පැවැත්වුවා. අපිට හරිම සතුටුයි. උදව්කල ඔක්කෝටම ස්තුතියි.මිරිස්ස සිරිසුනන්දාරාම විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය හාතාගල ධම්මකිත්ති හිමියෝ පොල්තෙල් පහන දල්වමින්

සහකාර ප්‍රදේශීය ලේකම් සුසන්ත අත්තනායක මැතිතුමා සභාව අමතමින්
‍‍
දැනුම මිනුම තරගය පැවැත්වෙමින්

සමෘද්ධි සංවර්ධන නිළධාරී පත්මිණී ලියනගම නැන්දා සභාව අමතමින්

ප්‍රාථමික අංශයේ දැනුම මිනුම තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ කේ.එච්.දිනුෂ මාලක සහකාර ප්‍රදේශීය ලේකම්තුමා අතින් පදක්කම ලබාගත් අවස්ථාව


කණිෂ්ඨ අංශයේ දැනුම මිනුම තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ කේ.එච්.ජනිත් නිමන්ත සහකාර ප්‍රදේශීය ලේකම්තුමා අතින් පදක්කම ලබාගත් අවස්ථාව.


ජ්‍යෙෂ්ඨ අංශයේ දැනුම මිනුම තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ එම්.එම්.සඳරු පියුමාල් සහකාර ප්‍රදේශීය ලේකම්තුමා අතින් පදක්කම ලබාගත් අවස්ථාව.


ගායනා තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ කේ.ඩබ්.උමේෂ් තාරක පොල්අතුමෝදර සමෘද්ධි කළාප කළමණාකරු සුදම් රත්නායක මහතා අතින් ත්‍යාග ලබාගත් අවස්ථාව.


කථික තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ ජී.වී.කළණි තාරකා සහකාර ප්‍රදේශීය ලේකම්තුමා අතින් ත්‍යාග ලබාගත් අවස්ථාව.


නිර්මාණ තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ ජී.පී.එච්.ලහිරු මධුෂාන් වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත ජයලත් මහතා අතින් ත්‍යාග ලබාගත් අවස්ථාව.

Tuesday, October 20, 2009

අපේ ළමා සමාජය පටන්ගත්තු දා







අපේ නිර්මාණ

සෙබළ සොයුර


යෞවනයේ දොර අභියස සිටිය ද

කාකි ඇඳුම් ලා ගනිමින් ගත වට

සිත සවිකොට තියා පා ඉදිරියට

ගියේ සොයුර ඔබ රැකුමට මගේ රට

යෝධ ශක්තිය සිරිය ලැබ‍ගෙන

සියළු ආගම් සරණ ලැබගෙන

නොනැවතී පෙර මගට

යා යුතුයි ජය ගන්නට

සතුරු කැල කුරිරු ලෙස

එන නමුත් ඔබ ඉදිරියට

නොබියවී දැඩි සිතින්

වනසන්නට ඔවුන් සැම

මුළු ලොවම නෙත් පියන්

සිටියදී සුව නින්දේ

මුර දෙවියො ඔබම වේ

රකින ලක් මෑණීයෝ.........................................

වේවා ඔබට තිසරණ සරණය!



ඒ.ඩබ්. මධූෂා ජීවන්ති

ශ්‍රී සුමංගල බාලිකා විදුහල, වැලිගම

12 ශ්‍රේණිය



රණ බිමේ


නිජබිම තුළ තනිකම පාළුව

දෝත දරාගෙන විඳින කම් කටොළු

ජීවිතය නොදැනුවත්ම නොවේ

රණ විරුවාණනි ...............................

මේ රුදුරු කතරේ විකසිත වන

දහසක් සිතුවිලි ද

ඔබ සිටීවි පාළු අද්දර

කුටිය තුළ සිරවී

සිනාසෙන්නට මතක නැති බව

කතා කරන්නට සිතක් නැතුව

මතකයන් තුළ රැඳෙමින්

දිවි ගෙවන රණ විරුවාණෙනි

නිරන්තරයෙන් ඔබට ජය ................................



ඒ.ඩබ්. මධූෂා ජීවන්ති

ශ්‍රී සුමංගල බාලිකා විදුහල, වැලිගම

12 ශ්‍රේණිය



මගේ පියාණෙනී............................


මාව සදන්නට වෙහෙසුනු පියාණෙනී

හොඳ අවවාද දී යහ මග යැව් පියාණෙනී

දහදුක් වින්දෙ සැප දෙන්නයි පියාණෙනී

මතු භවයෙදී ඔබ මගෙමයි පියාණෙනී


රෑ නිදි වරා දුක් වින්දනෙ පියාණෙනී

ඔබයි මගේ දුක් ගත්තේ පියාණෙනී

හොඳ මෙය වෙයි කියලා දුන් පියාණෙනී

මම ණය ගැතියි සත් ඔබහට පියාණෙනී


මහ සයුරේ දුක් වින්දේ පියාණෙනි

අකුරු කරන්නට උරදුන් පියාණෙනී

නිරන්තරව මා ගැන සෙවු පියාණෙනී

මතු බුදුබව ලැබේ ඔබ හට පියාණෙනි


ලෙඩක් දුකක් ඇති විටදී පියාණෙනී

මා තනි කර නොයයි කිසිවිට පියාණෙනී

යහ මග යැවීමට වෙහෙසුනු පියාණෙනී

මුළු සංසාරෙදිම ඔබ මගෙ පියාණෙනී


එච්.ටී. මනීෂා දිල්හානි

6-A


මගෙ සුදු අම්මා


අම්මා මගේමයි ආදර සුදු අම්මා

ලේ කිරි කර පොවා මා දැඩි කල අම්මා

නැති දා ඔබව මා තනි වෙනවා අම්මා

සැමදා ළඟ ඉන්න මගෙ ආදර අම්මා


අම්මේ ඔබේ ගුණ නිමකල නොහැක මට

ඔබගේ ගුණ ගී සැම දා ගයමි මම

සැම දා කියනු හැකිවේ ඔබ ගුණය මට

මතු අත් භවෙත් හමු වේවා දිනක මට

පී.එච්.ජයනි දිල්මි
6 ශ්‍රේණිය

Wednesday, October 14, 2009

පුංචි අපේ චිත්‍ර බලන්න

සඳරු පියුමාල්



අකිල විනෝද් පියමන්ත



රෂීනා සෙනාලි



කුෂාන් නිලුපුල්


අකිල විනෝද් ප්‍රියමන්ත