Sunday, October 25, 2009

පිපෙන කැකුළු පුවත්

දැනුම මිනුම තරගාවලිය

ඔක්තෝම්බර් පළමුවෙනිදට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ ළමා සමාජයත් උත්සවයක් සංවිධාන කලා.ඒක තිබුණේ 2009 ඔක්තෝම්බර් 22 වෙනිදා. අපේ දිනය වෙනුවෙන් දැනුම මිනුම තරගාවලියක් සංවිධානය කලා. ඒකෙන් දිනපු අපිට අතත් හිතත් පිරෙන්න තෑගිබෝගත් ලැබුණා. පදක්කම් ලැබුණා. ප්‍රධාන ආරාධිත අමුත්තා වුනේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා. වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අයත්,සමෘද්ධි මහා සංගමයේ අයත්,පොල්අතුමෝදර සමෘද්ධි කළාප කාර්යාලයේ අයත් ආවා. අපි නැටුම් ඉදිරිපත්කලා. සින්දු කිව්වා. කථා පැවැත්වුවා. අපිට හරිම සතුටුයි. උදව්කල ඔක්කෝටම ස්තුතියි.මිරිස්ස සිරිසුනන්දාරාම විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය හාතාගල ධම්මකිත්ති හිමියෝ පොල්තෙල් පහන දල්වමින්

සහකාර ප්‍රදේශීය ලේකම් සුසන්ත අත්තනායක මැතිතුමා සභාව අමතමින්
‍‍
දැනුම මිනුම තරගය පැවැත්වෙමින්

සමෘද්ධි සංවර්ධන නිළධාරී පත්මිණී ලියනගම නැන්දා සභාව අමතමින්

ප්‍රාථමික අංශයේ දැනුම මිනුම තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ කේ.එච්.දිනුෂ මාලක සහකාර ප්‍රදේශීය ලේකම්තුමා අතින් පදක්කම ලබාගත් අවස්ථාව


කණිෂ්ඨ අංශයේ දැනුම මිනුම තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ කේ.එච්.ජනිත් නිමන්ත සහකාර ප්‍රදේශීය ලේකම්තුමා අතින් පදක්කම ලබාගත් අවස්ථාව.


ජ්‍යෙෂ්ඨ අංශයේ දැනුම මිනුම තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ එම්.එම්.සඳරු පියුමාල් සහකාර ප්‍රදේශීය ලේකම්තුමා අතින් පදක්කම ලබාගත් අවස්ථාව.


ගායනා තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ කේ.ඩබ්.උමේෂ් තාරක පොල්අතුමෝදර සමෘද්ධි කළාප කළමණාකරු සුදම් රත්නායක මහතා අතින් ත්‍යාග ලබාගත් අවස්ථාව.


කථික තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ ජී.වී.කළණි තාරකා සහකාර ප්‍රදේශීය ලේකම්තුමා අතින් ත්‍යාග ලබාගත් අවස්ථාව.


නිර්මාණ තරගයෙන් ප්‍රථමස්ථානය දිනූ ජී.පී.එච්.ලහිරු මධුෂාන් වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත ජයලත් මහතා අතින් ත්‍යාග ලබාගත් අවස්ථාව.

3 comments:

  1. Great information about wilderness for beginners giving the opportunity for new people. Hank Voight Jacket

    ReplyDelete
  2. This was an extremely wonderful post. Thanks for providing this info.
    Superhero Jackets

    ReplyDelete
  3. Fantastic blog i have never ever read this type of amazing information. Baby Driver Jacket

    ReplyDelete