




ගම හරහා දිවීම ඇරඹීමට පෙර සූදානම
ගම හරහා දිවීමේ තරගයට ප්‍රාදේශීය ලේකම්කුමිය විධානය ලබාදෙමින්

සමෘද්ධි අවුරුදු කුමරා හා කුමරිය වුනේ මේ අයයි.......


1929 අප්‍රේල් 07 වන දා ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන මහවත්තේ උපත ලැබූ මහගමසේකර කුමරුවන්ගේ මුල් නම එම්.ජී.සමරසේකරය. මොහු කවියෙකු, ගීත රචකයෙකු, නවකථාකරුවෙකු, චිත්‍ර ශිල්පයෙකු මෙන්ම කංචුක නිර්මාණ ශිල්පියෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්විය. මෙහුගේ පාසල් සමය පිළිබඳ තොරතුරු ගවේෂණය කරන විට, අධ්‍යාපනය හදාරන ලද පාසල් කීපයක් පිළිබඳ තොරතුරු හමුවේ. ඒ අනුව ඔහු රදාවාන පිරිමි විදුහල, කිරිඳිවැල සිංහල පිරිමි පාසල, කිරිඳිවැල ශ්‍රී සීලවංශ විද්‍යාලය සහ ගම්පහ ලෝරන්ස් විද්‍යාලය යන විදුහල් සඳහන් කල හැක.
මිණිවන් පී. තිලකරත්න
“වෙලාවට එන - වෙලාවට යන - වෙලාවටවැඩ” මේ ඔහුගේ ශිෂ්‍යයන් ඔහු ගැන කියු හැටියි. මෙවන් ගත්කරුවෙකු වෙතින් සිංහල මෙන්ම වෙනත් භාෂා සාහිත්‍යයට ද මහත් මෙහෙයක් ඉටුවිය. මෙහු රුසියානු සාහිත්‍යය මුල සිට අග දක්වා හොඳින් අධ්‍යයනය කළේය. ශාස්ත්‍රපති උපාධිය දිනා ගැනීම සඳහා මොහු රුසියානු සාහිත්‍යය, වර්තමාන සිංහල නව කථාව සහ කෙටි කථාව යන මැයෙන් නිබන්ධනයක් ලිවීය. මයට 1969 දී රාජ්‍ය සම්මානය ද හිමිවිය. මීට අමතරව 1968 දී ඔහුලේ මුල්ම සාහිත්‍ය නිර්මාණය එළිදැක්විණි. එය “ඡායා මාත්‍ර” කාව්‍ය සංග්‍රහයයි.
| 1 | | 2 | | 3 | | | 4 | 5 | |
| | | | | | | | 6 | | |
| | | | | 7 | 8 | | | | 9 |
| | | | | | | | | 10 | |
| 11 | 12 | | | | | | | | |
| | 13 | | | | | | | | |
| 14 | | | | | | 15 | | 16 | 17 |
| 18 | | | | | 19 | | | | |
| | | 20 | | | | | | | |
| | 21 | | | | 22 | | | 23 | |
01. යශෝදරාව මේ නමින්ද හඳුන්වන ලදී.
04. බුදු දහමේ සඳහන් වන මාර්ගඵල වලින් එකකි.
06. දස සංයෝජන වලින් එකකි.
07. අපායේ රජු මොහුය.
11. මාර දූවරුන්ගෙන් කෙනෙකි.
13. යශෝදරා දේවියට බුදු හිමියන් රජ මාළිගාවේදී වදාළේ මේ ජාතක කථාවයි.
14. ජීවිතය අනියතය. මෙය නියතය.
16. ප්‍රථම රහත් සැට නමට අයත් වූ කෙනෙකි.
18. පංචේන්ද්‍රියන්ගෙන් එකකි.
19 බුද්ධ පරිනිර්වානයෙන් වසර දෙසිය ගණනකට පසු ලුම්බිණිය වැඳපුදා ගැනීමට ගොස් එහි ශිලා ස්තම්භයක් සහ ශිලා ලේඛණයක් පිහිටු වූ භාරතයේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි.
21. කොසොල් රජතුමා පාලනය කල රාජ්‍යය මෙයයි.
22. තිදොරින් එකකි.
23. බුදුරදුන්ට උපස්ථානකල භික්ෂුවකි.
පහළට
01. මගධයේ රජකල රජ කෙනෙකි.
02. ඇෆ්ගනිස්ථානයේ තිබූ මීට වසර කීපයකට පෙර මුස්ලිම් අන්තවාදීන් විසින් විනාශ කල බුදු පිළිම වහන්සේ මේ නමින් හඳුන්වයි.
03. තුන් පිටකයෙන් එකකි.
04. බුදුරදුනගේ දකුණු දළදාව ශ්‍රී ලංකාවේ මේ දා ගැබේ නිදන්කොට ඇතැයි විශ්වාස කෙරේ.
05. තණ්හාවට කියන තවත් නමකි.
08. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පර්වතයකි.
09. ත්‍රි සිංහලය එක් සේසත් කළ අති ශ්‍රේෂ්ඨ බෞද්ධ රජෙකි.
10. බුදුරදුන්ට අවසන් දානය පිරිනැමුවේ මොහුය.
12. බෞද්ධයාගේ උතුම්ම සරණ මෙයයි.
14. බෞද්ධ විහාරස්ථානවල ඇතුළ්වන ස්ථානයේ තොරන්වල දැක්වෙන මනඃකල්පිත සත්වයකි.
15. බෝසතාණන් වහන්සේ බුදුවී පළමු සතියේ බෝ මැඩ වැඩ සිටිද්දී තම ගුරු තනතුරෙහි තබාගත්තේ මෙයයි.
16. නරසීහ ගාථා කිවේ මෙතුමියයි.
17. පව්කල විට ඒවායේ විපාක ලැබෙන්නේ ගොනා පසු පස එන, කරත්තයේ මෙය වැනි යයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
20. සාවෙකු පිළිබඳව කියැවෙන ප්‍රකට ජාතක කථාවකි.
සෙබළ සොයුර
යෞවනයේ දොර අභියස සිටිය ද
කාකි ඇඳුම් ලා ගනිමින් ගත වට
සිත සවිකොට තියා පා ඉදිරියට
ගියේ සොයුර ඔබ රැකුමට මගේ රට
යෝධ ශක්තිය සිරිය ලැබගෙන
සියළු ආගම් සරණ ලැබගෙන
නොනැවතී පෙර මගට
යා යුතුයි ජය ගන්නට
සතුරු කැල කුරිරු ලෙස
එන නමුත් ඔබ ඉදිරියට
නොබියවී දැඩි සිතින්
වනසන්නට ඔවුන් සැම
මුළු ලොවම නෙත් පියන්
සිටියදී සුව නින්දේ
මුර දෙවියො ඔබම වේ
රකින ලක් මෑණීයෝ.........................................
වේවා ඔබට තිසරණ සරණය!
ඒ.ඩබ්. මධූෂා ජීවන්ති
ශ්‍රී සුමංගල බාලිකා විදුහල, වැලිගම
12 ශ්‍රේණිය
රණ බිමේ
නිජබිම තුළ තනිකම පාළුව
දෝත දරාගෙන විඳින කම් කටොළු
ජීවිතය නොදැනුවත්ම නොවේ
රණ විරුවාණනි ...............................
මේ රුදුරු කතරේ විකසිත වන
දහසක් සිතුවිලි ද
ඔබ සිටීවි පාළු අද්දර
කුටිය තුළ සිරවී
සිනාසෙන්නට මතක නැති බව
කතා කරන්නට සිතක් නැතුව
මතකයන් තුළ රැඳෙමින්
දිවි ගෙවන රණ විරුවාණෙනි
නිරන්තරයෙන් ඔබට ජය ................................
ඒ.ඩබ්. මධූෂා ජීවන්ති
ශ්‍රී සුමංගල බාලිකා විදුහල, වැලිගම
12 ශ්‍රේණිය
මගේ පියාණෙනී............................
මාව සදන්නට වෙහෙසුනු පියාණෙනී
හොඳ අවවාද දී යහ මග යැව් පියාණෙනී
දහදුක් වින්දෙ සැප දෙන්නයි පියාණෙනී
මතු භවයෙදී ඔබ මගෙමයි පියාණෙනී
රෑ නිදි වරා දුක් වින්දනෙ පියාණෙනී
ඔබයි මගේ දුක් ගත්තේ පියාණෙනී
හොඳ මෙය වෙයි කියලා දුන් පියාණෙනී
මම ණය ගැතියි සත් ඔබහට පියාණෙනී
මහ සයුරේ දුක් වින්දේ පියාණෙනි
අකුරු කරන්නට උරදුන් පියාණෙනී
නිරන්තරව මා ගැන සෙවු පියාණෙනී
මතු බුදුබව ලැබේ ඔබ හට පියාණෙනි
ලෙඩක් දුකක් ඇති විටදී පියාණෙනී
මා තනි කර නොයයි කිසිවිට පියාණෙනී
යහ මග යැවීමට වෙහෙසුනු පියාණෙනී
මුළු සංසාරෙදිම ඔබ මගෙ පියාණෙනී
එච්.ටී. මනීෂා දිල්හානි
6-A
මගෙ සුදු අම්මා
අම්මා මගේමයි ආදර සුදු අම්මා
ලේ කිරි කර පොවා මා දැඩි කල අම්මා
නැති දා ඔබව මා තනි වෙනවා අම්මා
සැමදා ළඟ ඉන්න මගෙ ආදර අම්මා
අම්මේ ඔබේ ගුණ නිමකල නොහැක මට
ඔබගේ ගුණ ගී සැම දා ගයමි මම
සැම දා කියනු හැකිවේ ඔබ ගුණය මට